Tuesday, August 14, 2012

පහන් දැල්වීම කල යුතු හා නොකල යුතු හෝරා කාලයන්

බුදු පහන දැල්වීම
    බුදුන් වහන්සේ උදෙසා පහන් දැල්වීමේ සුදුසුම වේලාව ලෙස දක්වා ඇත්තේ හවස 5.24 -5.48 වේලාවයි.උදේ හිරු උදාවේ සිට හවස හය දක්වා කාලය තුල බුදු පහන දැල්වීම යෝග්‍ය බව දක්වා ඇත.

පහන් දැල්වීම නොකළ යුතු වේලාවන්
   පස්වරු 6.00 -10.00 අතර කාලය යක්‍ෂ දිෂ්ටි හෙලන කාලයයි.එම වේලාවන් තුල පහන් දැල්වීම නොකළ යුතුය.හවස 6.00 සිට  රාත්‍රී 10.00 දක්වා පහන් වලට යක්‍ෂා දිෂ්ටි වැටෙන ආකාරය පහත දක්වා ඇත.

 රාත්‍රී 6.00  සිට 6.24 දක්වා   මහ සොහොන් දිෂ්ටිය
 රාත්‍රී 6.24  සිට 6.48 දක්වා   ඊරි යක්‍ෂ දිෂ්ටිය
 රාත්‍රී 6.48  සිට 7.12 දක්වා   සූනියම් ඔඩ්ඩිසි යක්‍ෂ දිෂ්ටිය
 රාත්‍රී 7.12  සිට 7.36 දක්වා   කඩවර දිෂ්ටිය
 රාත්‍රී 7.36  සිට 8.07 දක්වා   කළු කුමාර දිෂ්ටිය
 රාත්‍රී 8.07  සිට 8.24 දක්වා   භද්‍රකාලී දිෂ්ටිය
 රාත්‍රී 8.24  සිට 8.48 දක්වා   මදන යක්‍ෂ දිෂ්ටිය
 රාත්‍රී 8.48  සිට 9.12 දක්වා   ගොපළු යක්‍ෂ දිෂ්ටිය
 රාත්‍රී 9.12  සිට 9.36 දක්වා   බහිරව  දිෂ්ටිය
 රාත්‍රී 9.36  සිට 10.00 දක්වා  කොහොඹ යක්‍ෂ දිෂ්ටිය


 දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීම
   දෙවි දේවතාවුන් වෙනුවෙන් පහන් දැල්වීමේ හෝරාවන් 2ලස දක්වා ඇත්තේ රාත්‍රී 10 සිට පාන්දර 2 දක්වා කාලයයි.එම කාල හොරා තුල දෙවියන් වෙනුවෙන් පහන් දැල්විය යුතු ආකරය පහත දක්වා ඇත.

 රාත්‍රී 10.01 සිට 10.23 දක්වා  - ගම්භාර සූනියම් දෙවි දිෂ්ටිය
 රාත්‍රී 10.23 සිට 10.47 දක්වා  - දැඩිමුණ්ඩ දෙවි දිෂ්ටිය
 රාත්‍රී 10.47 සිට 11.11 දක්වා  -  කතරගම දෙවි දිෂ්ටිය
 රාත්‍රී 11.36 සිට 12.00 දක්වා  -  සත්පත්තිනි දෙවි දිෂ්ටිය
 රාත්‍රී 12.00 සිට 12.12 දක්වා  -  සරස්වතී දෙවි දිෂ්ටිය
 රාත්‍රී 12.12 සිට 12.24 දක්වා  - විශ්ණු දෙවි දිෂ්ටිය
 රාත්‍රී 12.24 සිට 12.36 දක්වා  - ඊශ්වර දෙවි දිෂ්ටිය
 රාත්‍රී 12.36 සිට 01.00 දක්වා  - සතරවරම් දෙවි දිෂ්ටිය
 රාත්‍රී 01.00 සිට 01.24 දක්වා  - සුමන සමන් දෙවි දිෂ්ටිය
 රාත්‍රී 01.24 සිට 01.48 දක්වා  - විභීෂන දෙවි දිෂ්ටිය
 රාත්‍රී 01.48 සිට 02.00 දක්වා  - ශක්‍ර දෙවි දිෂ්ටිය

13 comments:

Kushan said...

වටින ලිපියක්, එත් මම නම් හිතන්නේ බුදු හාමුදුරුවන්ට පහනක් පත්තු කරන්න වෙලාවක් ඔනේ නැහැ කියලා, මොකද බුදු බලයට අලගු තියන්නවත් ඔය යක්ෂ , දෙවි බලයන්ට බැහැ,(බුද්ධ බලයට සියලු බලයන් යටයි) අනික අපි බුදුන්ට පහන තියන්නේ මෙපහනේ ආලෝකයෙන් දුරුවන අඳුර වගෙම අපේ මොහයත් ප්‍රඥාව නැමති ආලෝකයෙන් දුරුවේවා කියල වගෙම, පහනේ තෙල් කියන්නේ තන්හාව නම්, පහන් තිරය කියන්නේ ජිවිතයනම් , තිරය දවන ගිනිදැල්ල නිසා විදින වෙදනාව පහනේ ඇති තෙල් ඉවර වුනපසු තිරය දවන ගිනි දැල්ල නිවිගිය පසු ඇති නොවන බව සිහි කිරිමත් ( තන්හාව නැති කර නිවන අවබොධ කල විට සියලු වෙදනා අවසන් බව මෙනහි කිරිම)

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

+1

Anonymous said...

අනේ මන්තරකාර මහත්තයෝ,
ඔයා මන්තර කර කර නිකන් ඉන්න,
බුදු රජාණන් වහන්සෙට පහන් තියන්ට වෙලාවක් වෙන් කරල නෑ,
ඔයා මොන පදනමක් යටතෙද මේවා කියන්නෙ?

malnayaka said...

ඒක ඇත්ත බුදුපහන කිසිකෙනෙකුට භාරගන්න බැහ.බුදුන් වදින්න වෙලාවක් තැනක් ඕන නැහ.

දූපත් වැසියා said...

නොකළ යුතු වෙලාවක පාන් පත්තු කරොත් අදාළ දිෂ්ටිය වැටෙනවද? කොහෙටද වැටෙන්නේ? කොහොම වැටෙන්නේ? වගේ පොරශ්න මට ඇති නමුත්, උත්තර නැති බැවින් උත්තර බලාපොරොත්තු නොවන්නෙමි.
නමුත් මෙහි ඇති සංස්කෘතික වටිනාකම අගයමි.

Tiraj Adikari said...

බුදුන්ට පහන තියන්න වෙලාවක් නැකතක් නැහැ තමයි. නමුත් අමනුෂ්‍ය ලෝකය ඉතා විවිධයි. මෙපමණ තුන් තිස් පැයේ බණ ඇහෙන ලංකාවෙත් බුදුනට නින්දා කරන , බුදු ගුණ නොපිළිගන්නා
අන්‍ය ආගමික මිනිසුන් කොච්චර ඉන්නවද? ඒ වගේම තමයි අමනුෂ්‍ය ලෝකය. බුදු ගුණ අහන්නේ නැති අමනුෂ්‍ය බලපෑම වැඩි තැනක , එපමණ පුණ්‍ය ශක්තියක් , මානසික අධ්‍යාත්මික බලයක් නැති කෙනෙක් පත්තු කරන පහනට අමනුෂ්‍ය දිෂ්ටි වැටීමට ඉඩ තියෙනවා. එක ලෝක ස්වභාවය. නොපිලිගත්තා කියා එය එසේ නොවී පවතින්නේ නැහැ.

චතුර විජේකෝන් said...

ඉතා හොඳ පිළිතුරක්..

Anonymous said...

thiraj adikari mahathage pilithura ithamath tharkaanu kulay..
mamath ekata ekagay

Tiraj Adikari said...

දැනුම පිණිස පමණක් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. වාද විවාද කරන්න නම් බැහැ මචං.
දිශ්ටියක් කියන්නේ යම් කිසි අමනුෂ්‍යයෙකුගේ බැල්ම එතනට වැටීමකට. ඇතැම් අමනුෂ්‍යයන් පහනක දැල්ලේ ඇති දැවි ගන්ධය ආග්‍රහණ ය කරන්න කැමතියි. ඇතැම් අමනුෂ්යන් ආලෝකයට ප්‍රියයි. මේ ඔක්කොම මනුෂ්‍ය ලෝකය ආශ්‍රිත කරගෙන ඉන්න ඉතා පහත් තත්වයේ සත්ව කොට්ටාශ. චතුර්මහාරාජිකයේ පොඩ්ඩක් වත් ඉහල ඉන්න බුමාටු දෙවි කෙනෙක් වත් කවදාවත් පහන් වලට , පුළුටු වලට ඇදිල එන්නේ නැහැ. ඔවුන්ට කර්මානුකුලාව මැවෙන දිව්‍ය අහර පාන , ඇඳුම් වාසස්ථාන තියෙනවා.

මේ ඉහල තියෙන සමහර දිෂ්ටි වලට නම් තියල තියෙන්නේ දෙවියන් ගේ නම් උනත් ඒ දෙවිවරු , උදාහරණයක් විදියට සුමන සමන් දෙවි දිෂ්ටිය ගන්න... කවදාවත් , මොන පුද තිබ්බත් මොනවා මැතිරුවත් කොහේටවත් දිෂ්ටි දාන්න එන්නේ නැහැ. ඔවුන්ගේ යටතේ විවිධ මෙහෙවර කරන පහත් යක්ෂ , ප්‍රේත , සත්ව කොට්ටාශ ඉන්නවා. ඔවුන් තමයි ඒ උසස් දෙවිවරුන් ගේ නාමයෙන් පැමිණ දිෂ්ටි දෙන්නේ. උදාහරණයක් විදියට උත්සවේකට ඇමති තුමාට එන්න කියුවහම , ඒක මේ පොඩි එකක් නම් උන්නැහේ එන්නේ නැහැ නේ. කවුරු හරි පොඩි ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් එවල ශේප් වෙනවා නේ. ඒ වගේ...

දැන් මේ කුඩා කෙනෙක් ට උනත් ඇමති පවර් තියෙන හින්ද වැඩක් කියල කරගන්න බැරි කමක් නැහැ. ඒ වගේ ම පහත් යක්ෂයෙක් ලවා උනත් වැඩක් තියෙනවා නම් කර ගන්නේ මේ විදියට.

බුද්ධ බලයට බිය අමනුෂ්‍යයන් වගේම බිය නැති නාහෙට අහන්නේ නැති එවුනුත් ඉන්නවා. ආටානාටිය සුත්‍රය දේශනා කරලා තියෙන්නේ ඒ වගේ උන් උදෙසා. ඔබ බුදුන්ට පුජා වේවා කියල අහර පිඟානක් එළියෙන් තියන්න. කොහෙන් හරි බල්ලෙක් ඇවිල්ලා එය කාල යාවි. එක තිබ්බේ බුදුන්ටද නැද්ද කියන එක ඌට වැදගත් දෙයක් වත් එය පරිභෝග නොකිරීමට හේතුවක් වත් නොවෙයි.. එලෙසින් ම තමයි බුදු පහනට උනත් පහත් අමනුෂ්‍ය දිශ්ටින් වැටීමට ඉඩ තියෙන්නේ. උන්ට ගානක් නැහැ පහන තිබ්බේ කාටද කියන එක.

පෑනක් පත්තු කල පමණින් අමනුෂ්‍යයෝ එතෙන්ට දුවගෙන එන්නේ නැහැ. ඒ පාන තිබෙන්නේ අමනුෂ්‍යයන්ට ලංවිය නොහැකිව ආරක්ෂා කල ස්ථානයක නම් ඔවුනට එය වෙත එන්න බැහැ. ඒ වගේම උසස් බුමාටු දෙවි වරුන් වසන ප්‍රදේශයක ටත් එන්න බැහැ (රොස්මිඩ් ප්ලේස් එක පැත්තේ හිඟන්නෝ නැහැ වගේ ) , පහන දැල්වූයේ සත්පුරුෂ ගුණ ඇති අධ්‍යාත්මය දියුණු කල කෙනෙක් නම් ඔවුනට එය අකැප වස්තුවක් වෙනවා... ඇතැම් මනුෂ්‍යන්ට ඉෂ්ට දේවතා බැල්ම තියෙනවා. ඔවුන් අසලටත් පහත් අමනුෂ්‍යයන්ට පැමිණීමට අමාරුයි......

Anonymous said...

ඔබේ පිලිතුර සෑහෙන දුරකට සාර්තකයි.මමත් වාද කරනවා නෙමේ ..මේ වෙලාවල් බලපාන්නේ ගෙවල් වලට විතරද? පන්සල් වලත් පහන් පත්තු කරන්න වෙලාව බලනවාද?

Tiraj Adikari said...

නෑ මහත්මයා , වරදවා ගන්න එපා. ගෙවල් වල පහන් පත්තු කිරීමේදීත් මා වරදක් කියුවේ නැහැ. හැකි සැම විටම ශ්‍රද්ධාවෙන් එය කරන්න. පින් රැස් වේවි ඔබට . මෙහෙම වෙන්නත් සම්භාවිතාවක් තිබෙන බව පමණයි කියුවේ. දැන් මේ ලිපිය හයිජැක් කරලා කියල ජෝතිෂ ලංකා සහෝදරයා මාත් එක්ක අමනාප වෙන්නත් බැරි නැහැ. එක හින්ද තවත් දීර්ඝ කරුණු පැහැදිලි කිරීමකට නොගිහින් ඉන්නම්.....

jhothishalanka said...

@Tiraj Adikari
ඔබේ කමෙන්ටුව මගේ ලිපියේ ඇති වටිනා තැන් හා දුර්වලතා මැනවින් පෙන්වා ඇත.ඉතා බුද්ධි ඝෝචර අදහසකි.

Mahason brothood said...

ටිරාජ් සොයුර හා අප මෙය ගැන කතාකලා, සිතුවිල්ල තමා වැදගත් වෙලාව නොවයි


කියවල බලන්න එන්න
http://mahason-brotherhood.blogspot.com/2012/08/blog-post_25.html

Related Posts Plugin for WordPress, Blogger...